• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර අලංකරණ කිරීම සහ භූ දර්ශන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම
- ප්‍රදේශයට ආවේණික හරිත පරිසරය වැඩි දියුණු කිරීම සහ සංචාරකයින්ට හා දේශීය පොදු ජනතාවට පාරිසරික හා සමාජීය වශයෙන් යටිතල පහසුකම් සැපයීම අරමුණු කරගෙන කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන නගර තුළ පහත සඳහන් නගර අලංකරණ සහ භූ දර්ශන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

i. ගාලු මුවදොර අවට හරිත යටිතල පහසුකම් ජාල සැලැස්ම.

ii. කොළඹ 01, බාලදක්ෂ මාවතේ පිහිටි පදික පහසුකම් මධ්‍යස්ථානය.

iii. තලපත්පිටිය, කිඹුලාවල නාගරික කෘෂි උද්‍යානය.

එකී ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.