• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දීර්ඝ කිරීම
- සේවායෝජකයන්, සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාව පරිදි කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මැයි සහ ජුනි යන මාස 02 සඳහා වැඩ නොමැතිකම නිසා සේවකයන් නිවෙස් තුළ රැඳවීමේ අවශ්‍යතාවක් පැවති ආයතනවල සේවකයින්ට ඔවුන් අවසානයට ලද සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසයට අදාළ මූලික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/-ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට පියවර ගනු ලැබ ඇත. තවදුරටත් ඒ අනුව කටයුතු කරමින් 2020 ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහාද සේවක වැටුප් ගෙවීම සඳහා අදාළ පාර්ශ්වයන් අතර ඇති කරගන්නා ලද එකඟතාව පිළිබඳ තොරතුරු නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.