• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුසලතා සංවර්ධන දශකය 2021-2030
- සාමකාමී මෙන් ම යුක්ති සහගත සමාජයක් ඇති කරලීම සඳහා තිරසාර සංවර්ධන ප්‍රයත්නයේදී ක්‍රියාශීලී පෙරගමන්කරුවන් ලෙස තරුණ ප්‍රජාව සහභාගි කරවාගැනීමත්, ඒ සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතාවන් හා හැකියාවන් වැඩි දියුණු කිරීමත් අත්‍යවශ්‍ය වේ. ඉදිරි පරපුරෙහි යොවුන් කුසලතාවන් සංවර්ධනය කිරීම කෙරෙහි "සෞභාග්‍යයේ දැක්ම" ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය මගින් ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, රටේ ශ්‍රම බලකායේ නුපුහුණු ශ්‍රමය 10% ට අඩු කොට ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මෙරට සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන, අනාගතයට සරිලන පුරවැසියෙකු බිහි කිරීම සඳහා සාමාන්‍ය අධ්‍යාපනය, සහ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය හා නිපුණතා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල විවිධ වෙනස්කම් ඇති කිරීමේ අපේක්ෂාවෙන් 2021 - 2030 දක්වා වූ කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාවේ 'කුසලතා සංවර්ධන දශකය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී.