• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම් දූපතෙහි වෙරළබඩ ප්‍රදේශයේ උසස් තත්ත්වයේ ඉල්මනයිට් ලබාගැනීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා
- ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් දේශීය සමාගමක් සමඟ එළඹ ඇති ගිවිසුමකට අනුව මන්නාරම් දූපතෙහි වෙරළබඩ ප්‍රදේශයේ ඉල්මනයිට් ලබාගැනීමේ ව්‍යාපෘතියකට අදාළව ගවේෂණ සිදු කරන බවත්, එම ගවේෂණ ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිත බවත් කරුණු දක්වමින් දිනපතා ඉංග්‍රිසි පුවත්පතක පළ වී තිබූ වාර්තාවක් සහ ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සංසරණය වන ව්‍යාපෘති වාර්තාවක් පිළිබඳව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ඇමතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවන ලදී. එවැනි ගවේෂණයක් සම්බන්ධයෙන් අවසර ලබා දිය යුතු ආයතන විසින් ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් වැඩිදුරටත් ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී. එම කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදුව, ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී.