• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2020 යල කන්නයේ වී අස්වනු නෙළීම ජූලි මස දෙවන සතියේ සිට ආරම්භ වීමට නියමිත බැවින් දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිව වී අලෙවි මණ්ඩලය හරහා වී මිල දී ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව උපරිම වශයෙන් එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5,000ක් බැගින් වන සේ, ප්‍රමිතියෙන් යුතු සම්බා, නාඩු සහ කීරි සම්බා යන වර්ගවල වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50/-ක් සහ තෙතමනය සහිත වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 42/-ක සහතික මිලක් ද ලබා දෙමින් යෝජිත වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.