• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය [International Council for Research in Agroforestry (ICRAF)] අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එළඹීම
- දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමට අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක, තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට අත්සන් තැබීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.