• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට පවතින පෙට්‍රල් (92 Unl) දිගුකාලීන කොන්ත්‍රාත්තු‍ෙව් නැව් තොග ප්‍රමාණයෙන් අමතර 50%ක් මිල දී ගැනීම
- 2020 ජනවාරි මස 15 දින සිට 2020 ඔක්තෝබර් මස 14 දින දක්වා මාස 09ක කාලසීමාවක් තුළ පෙට්‍රල් (92 Unl) බැරල් 1,800,000 (මිලියන 1.8) මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තු‍ව සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනමා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 3.6හි විධිවිධාන ප්‍රකාරව නැවත ඇණවුමක් වශයෙන් එම ප්‍රසම්පාදනයෙන් 50%කට සමාන ප්‍රමාණයක් පවතින කොන්දේසි හා නියමයන් යටතේම මිල දී ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.