• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි මස දක්වා කාල සීමාව තුළ මෙරට ජනතාවට සිය නිවෙස් තුළ රැඳී සිටීමට සිදු වීම නිසා විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතු වූවන්ගේ ආදායම බිඳ වැටුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් සඳහා ලබා දිය යුතු සහන පිළිබඳ යෝජනා ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති ඇමතිතුමා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව එකී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එකී වාර්තාවේ දැක්වෙන නිර්දේශයන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මඟින් තවදුරටත් අධ්‍යයනය කර මහජනතාවට ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් සිය යෝජනා මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.