• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - ග්‍රාමීය පාලම් ඉදි කිරීම අදියර II (පාලම් 618) හා අදියර III (පාලම් 490)
- ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - අදියර II යටතේ එක්සත් රාජධානියේ ණය අරමුදල් මඟින් පාලම් 537ක් ද, එම ව්‍යාපෘතියේ අදියර III යටතේ නෙදර්ලන්ත ණය අරමුදල් මඟින් පාලම් 463ක් ද ඉදි කිරීමට සැලසුම් කර ඇත. එහෙත් 2017 වර්ෂයේ ඇති වූ ගංවතුරින් හානියට පත් ග්‍රාමීය පාලම් ද ඇතුළුව පිළිවෙලින් තවත් පාලම් 81ක් හා පාලම් 27ක් මුල් රේටයන් යටතේම ඉදි කිරීමට පියවර ගෙන තිබේ. ගංවතුරින් හානි වූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් හේතුවෙන් සිදු වී ඇති කොන්ත්‍රාත් විචලනයන් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - අදියර II හි මහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 100ක් වූ මුල් කොන්ත්‍රාත් වටිනාකම මහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 114.19ක් වශයෙන් හා එම ව්‍යාපෘතියෙහි අදියර III හි යුරෝ මිලියන 105ක් වූ මුල් කොන්ත්‍රාත් වටිනාකම යුරෝ මිලියන 105.25ක් වශයෙන් සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.