• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු විශ්වවිද්‍යාලය සහ චීනයේ ගයි‍ෂෝ විද්‍යා ඇකඩමිය අතර අධ්‍යාපන හා පර්යේෂණ සංස්ථාගත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
- රුහුණු විශ්වවිද්‍යාලය සහ චීනයේ ගයි‍ෂෝ විද්‍යා ඇකඩමිය (Guizhou Academy of Science) අතර අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වය අතර හඳුනා ගනු ලබන තොරතුරු හුවමාරු කර ගැනීම, පර්යේෂණ අරමුදල් සලසා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඒකාබද්ධ ප්‍රථම උපාධි/පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.