• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාරයක්, වැඩහළක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම
- රුපියල් මිලියන 927.34ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාරයක්, වැඩහළක් සහ ආපන ශාලාවක් සඳහා වෙන වෙනම ගොඩනැඟිලි 03ක් ඉදි කිරීම පිණිස 2017 ජනවාරි මස 03 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත් මෙම ගොඩනැඟිලි ඉදි කිරීමට යෝජිත භූමිය, වේරැස්ස ගඟට ඉතා සමීප වගුරු බිමක් වීම, අනාගත අවශ්‍යතා සඳහා භූමිය ඵලදායී ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව හා ගොඩනැඟිලි 03 සඳහා වෙන වෙනම පයිලින් කළ යුතු වීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන මුල් ඇස්තමේන්තු සීමාවන් තුළම ගොඩනැඟිලි 03ක් වෙනුවට මහල් 06ක එක් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී.