• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය (අදියර 2) ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය (අදියර 2) ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 1560.36ක (වැට් රහිත) මුදලකට කුරුණෑගල පිහිටි 'සීමාසහිත සතුට බිල්ඩර්ස් (පුද්ගලික) සමාගම' වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.