• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීම
- ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් ආයුර්වේද හා ඊට අනුබද්ධ විද්‍යාවන්හි උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති රාමුව මඟින් එම ආයතනය අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙරට සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය උසස් කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.