• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය නිලධාරීන්හට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබා දීම
- ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ට මෙන්ම රාජ්‍ය ආයතනයන්හි විධායක නිලධාරීන්ට පුහුණුව ලබා දෙන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) පාඨමාලා හැදෑරීම සඳහා 2009 වර්ෂයේ සිට විදේශීය රටවල හමුදා නිලධාරීන්ටද ගෙවීමකින් තොරව සහ ගෙවීමේ පදනම මත අවස්ථාව ලබා දෙනු ලබයි. ඒ අනුව, ආසියානු, මැද පෙරදිග, යුරෝපීය හා අප්‍රිකානු රටවල් නියෝජනය කරන නිලධාරින්හට ගෙවීමේ පදනම මත අවස්ථා 12ක් හා ගෙවීම් රහිතව අවස්ථා 30ක් මේ වන විට ලබා දී ඇත. අදාළ පාඨමාලා හැදෑරීමට 2021 වර්ෂයේ සිට ඉදිරියට සිංගප්පූරුව සඳහා ද ගෙවීමකින් තොරව එක් පාඨමාලා අවස්ථාවක් සහ ගෙවීමේ පදනම මත එක් පාඨමාලා අවස්ථාවක් බැගින් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.