• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය නොකරන ලද ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පාලනය වෙමින් පැවැති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වන ලද ඉඩම්වල පාලනය එවකට වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද 2001 08 10 දිනැති අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරනු ලැබ ඇත. එම චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගත යුතු වන්නේ නම් ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැලෑවල හේන් ගොවිතැන් වැනි කටයුතුවල යෙදෙන ගොවීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇති අතර එකී ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට බාධාවක් වී ඇත. මෙම කරුණු අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වූ අතර, මේ පිළිබඳව කරුණු සොයා බලා අදාළ අවශේෂ කැලෑ පරිසර හා වනජීවී කටයුතුවලට හානියක් නොවන පරිදි හා එකී ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.