• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් උපදේශක සේවාව සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) සමඟ පවතින උපදේශක සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම
- බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පවරා ඇත. අදාළ ව්‍යාපෘතිය 2017 ජූලි මස 14 දින අවසන් කිරීමට සැලසුම් කර තිබූ නමුත්, ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගෙන් පැන නැගුන විරෝධතා, ඉඩම් නිදහස් කරගැනීම ප්‍රමාද වීම, උපකරණ සපයනු ලබන නිෂ්පාදකයා වෙනස් වීම සහ ණය ගිවිසුම ක්‍රියාත්මක විම ප්‍රමාද වීම යන හේතුන් නිසා අපේක්ෂිත පරිදි ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වී නොමැත. එබැවින්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) සමඟ පවතින උපදේශක සේවා කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් කාලය ද දීර්ඝ කිරීමට සිදු වී තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එම උපදේශක සේවා කොන්ත්‍රාත්තුව 2020-07-31 දක්වා දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.