• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියට අදාළ ණය මුදලේ කාල සීමාව දීර්ඝ කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය සහ උතුරු හා උතුරු මැද පළාත්වල තෝරාගත් පාලම් අලුතින් ඉදිකිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 98ක අරමුදල් සපයනු ලබයි. ණය මුදලේ ඉතිරිවීම්වලින් මැදවච්චිය - හො‍රොව්පතාන මාර්ගයේ අතිරේක කොන්ත්‍රාත් පැකේජ 02ක්, 2019 මාර්තු මාසයේදී ප්‍රදානය කර ඇති අතර, එම ඉදිකිරීම් කටයුතු ණය මුදලේ වලංගු දිනය වූ 2020 ජුනි මස 30 දිනට පෙර නිම කිරීමට සැලසුම් කර තිබුණද එසේ කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, අදාළ ණය මුදලේ කාලය 2020 දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.