• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී සඳහා වූ රසායනික පොහොර කෘෂිකාර්මික කටයුතු සඳහා මිලදී ගැනීමට ඉඩකඩ ලබා දීම
- දැනට ක්‍රියාත්මක පොහොර සහනාධාර වැඩ පිළිවෙල යටතේ අක්කර 05ක් දක්වා වන වී වගාවන් සඳහා පොහොර සහනාධාරය යටතේ පොහොර ලබා දෙන අතර ඊට වැඩි භූමි ප්‍රමාණයන් වෙනුවෙන් අවශ්‍ය පොහොර විවෘත වෙළඳපොළෙන් මිල දී ගත යුතුය. මෙම තත්ත්වය යටතේ ඇතැම් අවස්ථාවල විවෘත වෙළඳපොළේ අනෙකුත් බෝග සඳහා භාවිත කරනු ලබන පොහොරවල හිඟයක් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගොවිතැන් කරනු ලබන භුමි ප්‍රමාණය ඉහළ යාම නිසා පොහොර ඉල්ලුම වැඩි වී ඇත. ඒ අනුව, රජය අපහසුවට පත් නොවන පරිදි ගොවි ජනතාවට අවශ්‍ය අතිරේක පොහොර තොග මිල දී ගැනීමට හැකි වනු පිණිස, රජයේ පොහොර සමාගම් විසින් වී වගාව සඳහා වන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ආනයනය කරන ලදුව ඉතිරිව පවතින පොහොර තොග ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිල දී ගෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 1000ක මිලකට ගොවීන් වෙත අලෙවි කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.