• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කිරීම
- 2019 දෙසැම්බර් මස 18 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය පරිදි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරයෙහි ස්ථාපිත කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. එහෙත් අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා එම ගොඩනැඟිල්ලේ පිරිසැකැස්ම නැවත සකස් කොට විදුලිබල පද්ධතිය අලුත්වැඩියා කළ යුතුව තිබේ. එම කටයුතු ඉතා ඉක්මණින් සිදු කොට අවසන් කිරීම අත්‍යවශ්‍යව පවතින බැවින් එකී අලුත්වැඩියාවන්ට අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයටත් (CECB), ඉදිකිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගමටත් (Central Engineering Services (Pvt) Limited) සෘජුවම ප්‍රදානය කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.