• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම 2019/2020
- 2019/2020 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව 2020-07-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇතත්, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඒ සඳහා නව සැපයුම්කරුවන් තෝරාගැනීම පිණිස ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත. එබැවින්, වර්තමානයෙහි රට මුහුණ පා ඇති තත්ත්වය හා වර්තමාන වෙළඳපොළ තත්ත්වය සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, 2020-08-01 දින සිට 2021 01 31 දින දක්වා වන කාල සීමාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුව වත්මන් සැපයුම්කරුවන් වෙතම පිරිනැමීම පිණිස අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.