• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම
- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ I කොටසේ වැඩ ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර එම ව්‍යාපෘතියේ II කොට‍ෙස් වැඩ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එසේම කිලෝමීටර 100,000ක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා රුපියල් බිලියන 50ක අරමුදල් සලසා ගත යුතුව ඇත. එමෙන්ම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජලසම්පාදන ව්‍යාපෘතිවලට අදාළ අත්‍යවශ්‍ය මූල්‍ය වගකීම් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 30ක අරමුදල් අවශ්‍ය වී ඇත. ඒ අනුව එම ආයතන දෙක සඳහා වන අරමුදල් අවශ්‍යතාවන් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු දේශීය බැංකු වෙතින් සලසා ගැනීම පිණිස එම ආයතනවල අදාළ බලධාරින්ට බලය පැවරීමටත්, ඒ සඳහා අවශ්‍ය භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමටත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.