• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගරයේ චෙක් පෝට් සිටි කළම්බු (පුද්ගලික) සමාගම මඟින් යෝජිත ආයෝජනයට ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති තත්ත්වය ලබා දීම සහ දිරි දීමනා ලබා දීම
- කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, නාගරික සංවර්ධන අධිකාරිය සහ දේශීයව සංස්ථාගත කරනු ලැබ ඇති CHEC පෝට් සිටි කොළඹ (පෞද්ගලික) සමාගම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට 2016 අගෝස්තු මාසයේදී අත්සන් තබා ඇති අතර, ඒ අනුව එම ව්‍යාපෘතිය යටතේ ඉඩම් හෙක්ටයාර 440ක් ගොඩ කිරීමට පියවර ගනු ලැබ ඇත. අදාළ ගිවිසුමේ විධිවිධාන පරිදි එම ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක් ව්‍යාපෘති සමාගම වන CHEC පෝට් සිටි කොළඹ (පෞද්ගලික) සමාගම වෙත බදු පදනම මත ලබා දිය යුතු වේ. ඒ අනුව, එලෙස බදු පදනම මත ලබා දීමට නියමිත ඉඩම් කොටසින් හෙක්ටයාර 6.8ක කුළුණු 05කින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවක් එම සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ති‍බේ. ඇමරිකානු ඩොලර් බිලියන 01ක ආයෝජනයකින් යුත් එම ව්‍යාපෘතියේ පළමු අදියර ඇමරිකානු ඩොලර් මිලියන 400ක් සහ දෙවන අදියර ඇමරිකානු ඩොලර් මිලියන 600ක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම සහ විශාලත්වය පිළිබඳව සලකා බලා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත) පනතේ සහ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධිත) නීතියේ විධිවිධාන පරිදි එකී ආයෝජනය සඳහා අදාළ දිරි දීමනා ලබා දීමට හැකි වන පරිදි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම පිණිස කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.