• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද තාවකාලිකව අත්හිටුවීම
- මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ අභියෝග අතර තේ කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, බොහෝ තේ ආනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කළමනාකරණයේ ගැටලු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන වේ. මෙකී දුෂ්කරතාවයන් හමුවේ තේ කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය සහනයක් ලෙස, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට තාවකාලිකව අත්හිටුවීම පිණිස වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.