• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත 2020/2021 වර්ෂයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරි පිටි සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- දේශීය කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් 2014 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය කිරිපිටි සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩ‍ලයේ අනුමැතිය සහිතව සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම වෙත පිරිනමා ඇත. ඒ අනුව, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත 2020/2021 වර්ෂය වෙනුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිළිබඳව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, එකී කිරිපිටි ප්‍රමාණය සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම වෙතින්ම මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.