• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID - 19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 800 ක ව්‍යාපෘති නොවන ජපාන ප්‍රදාන ආධාර
- ශ්‍රී ලංකාව තුළ COVID - 19 වසංගතය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360 ක) ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. ඒ යටතේ MRI Scanner, CT Scanner, Bedside X-Ray Systems, Central Monitors, Bedside Monitors සහ Defibrillators වැනි වෛද්‍ය උපකරණ සපයා ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව එකී ප්‍රදානය ලබා ගැනීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහාත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.