• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන 'දරු දිරි සම්පත' නව ලොතරැයි පත මුද්‍රණය කර සැපයීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති මුද්‍රණ කොන්ත්‍රාත්තුවේ කාලය දීර්ඝ කිරීම
- 'දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල' ශක්තිමත් කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'දරු දිරි සම්පත' ලොතරැයිය මුද්‍රණය කිරීම පිණිස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය 2020-05-12 දිනෙන් අවසන් වී ඇත. එම කාලසීමාවෙන් අනතුරුව සුදුසු මුද්‍රණකරුවකු තෝරා ගැනීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා අවසන් කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්,එම ලොතරැයි පත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව මුලින් එකඟ වී ඇති පිරිවිතරයන් හා මිල ගණන් යටතේම 2020-05-13 දින සිට 2020 11-12 දින දක්වා මාස 06 ක කාලයක් සඳහා තවදුරටත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින්ම ඉටු කරවා ගැනීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.