• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
- රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථා ලබා දීම සඳහා 2010 වර්ෂයේ සිට මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත රාජ්‍ය නිලධාරින්ට පහසුකම් සලසා දීම සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 269 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 457 ක) ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව එකී ප්‍රදානය ලබා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම් අත්සන් කිරීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.