• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන හඳුනාගත් ආයෝජන ව්‍යාපෘතීන්හි අවිනිශ්චිත හදිසි අවශ්‍යතා ප්‍රතිචාර සංරචක යටතේ වෙන් කර ඇති අරමුදල්, COVID - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති සඳහා යෙදවීම
- COVID - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පරිබාහිර විවිධ බලපෑම් රාශියකට රට මුහුණ දෙමින් පවතින බැවින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගා සිටුවීම, ඉ-අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයක් පිහිටුවීම, ආපදා කළමනාකරණය සහ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී රෝගය පැතිරීම වැළැක්වීම යන ක්ෂේත්‍රයනට කඩිනමින් සහයෝගය දැක්වීම සඳහා මූල්‍යයන සහාය ලබා දීම අවශ්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ලෝක බැංකු සමූහය වෙතින් මූල්‍යයනය කරනු ලබන ආයෝජන ව්‍යාපෘති හතරක (04) හදිසි අවශ්‍යතා ප්‍රතිචාර සංරචක යටතේ ඇතුළත් කරනු ලැබ ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක අරමුදල් ඉහතින් සඳහන් කරන ලද ක්ෂේත්‍රයන්හි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති සඳහා යෙදවීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.