• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID - 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම
- COVID - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදු වූ බලපෑම අවම කරමින් සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහත දැක්වෙන පරිදි සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන හා පුද්ගලයන් වෙත සහන සැලසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

* සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් අංශය, ගමනාන්ත කළමනාකරණ සමාගම් / සංචාරක නියෝජිතයින්ගේ කාර්යමණ්ඩලවල සේවකයින්ට මාස 06ක කාලයක් සඳහා මසකට රුපියල් 20,000/- බැගින් වැටුප් ගෙවීම පිණිස 4%ක සහන පොලියක් යටතේ වසර 2ක සහන කාලයක් සහිතව වසර 05ක කාලසීමාවක් තුළ ආපසු ගෙවිමේ පදනම මත ණය පහසුකම් සලසා දීම.

* සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අවන්හල්, ආහාර ගැනීමේ ස්ථාන, සම්බාහන සහ සුවතා මධ්‍යස්ථාන ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් ආයතනවල සේවය කරන එක් පුද්ගලයෙකුට මාසයකට රුපියල් 15,000/- බැගින් මාස 06ක කාලයක් සඳහා වැටුප් ගෙවීම පිණිස ණය පහසුකම් සලසා දීම.

* සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මග පෙන්වන්නන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 20,000/-ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම.

* සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක රියදුරන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 15,000/-ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම.

* 2020 මාර්තු මස 01 දින සිට අගෝස්තු 31 දින දක්වා ගෙවිය යුතු විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 දින සිට සමාන වාරික 12කින් ගෙවීමට පහසුකම් සලසා දීම හා එම කාලසීමාව තුළ විදුලි හෝ ජල සැපයුම් විසන්ධි නොකිරීම.

* සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාහන කල් බදු ගෙවීම සඳහා ලබා දී ඇති මාස 06ක සහන කාලසීමාව ප්‍රමාද ගාස්තු අයකිරීමකින් තොරව මාස 12ක් දක්වා දීර්ඝ කිරීම.