• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර මිරිසවැටිය මහා විහාරය ආසන්නයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමිය බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දීම
- මිරිසවැටිය මහා විහාරයට යාබදව පිහිටි අක්කර 2යි පර්චස් 22.6ක ඉඩම් කොටසක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලාව පවත්වා ගෙන යනු ලබයි. එම භූමිය අනුරාධපුර පූජා භූමිය තුළ පිහිටා ඇති නිසාත්, පුරාවස්තු සහිත ප්‍රදේශයක් නිසාත් එහි අලුතින් ඉදිකිරීම් කිසිවක් සිදු නොකළ යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. අදාළ ඉඩම් කොටස මිරිසවැටිය මහා විහාරයට යාබදව පිහිටා ඇති බැවින්, එය විහාරස්ථානයේ ඉදිරි ආගමික හා සමාජීය කටයුතු කරගෙන යාමේ පහසුව පිණිස එම විහාරස්ථානය වෙත ලබා දෙන ලෙස විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඉදිරියේදී විධිමත් පරිදි පූජා භූමි සීමාවන් ප්‍රකාශයට පත් කිරීමේදී පූජා භූමි සංවර්ධන කමිටුවේ අනුමැතිය මත මිරිසවැටිය මහා විහාරයට ලබා දීමට හැකි වන පරිදි එකී ඉඩම් කොටස බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත වෙන් කර දීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.