• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉ-මෝටරින් ව්‍යාපෘතියට අත්‍යවශ්‍ය වූ යටිතල පහසුකම් සැපයීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් මහජන කේන්ද්‍රීය වන ලෙස පරිවර්තනය කිරීම සඳහා සැලසුම් කර ඇති ඉ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව මෙට්‍රොපොලිටන් ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් (පුද්ගලික) සමාගම වෙත 2018 වර්ෂයේ ජූලි මාසයේ දී පවරා අදාළ ගිවිසුම්වලට එළඹ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය සහ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍ර යෝග්‍ය පරිදි සකස් කළ යුතුව ඇතත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත. නියමිත පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය හා කඩිනමින් සිදු කළ යුතු කාර්යයන් ඉටුකර ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන මීළඟ අයවැය ලේඛනය මඟින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.