• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස්රථ සඳහා අදාළ අවම පිරිවිතර හඳුන්වා දීම
- ශ්‍රීලංගම සහ පෞද්ගලික අංශය විසින් මගී ප්‍රවාහනය සඳහා දැනට භාවිත කරනු ලබන මුළු බස්රථ සංඛ්‍යාව 26,985ක් පමණ වන අතර, ඒවා සියල්ලම පාහේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ලොරි චැසි මත ඉදි කරන ලද බස් රථ වේ. ඒවා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති බැවින් රථයේ තිරිංග යොදනු ලබන අවස්ථාවලදී මඟීන් හැලහැප්පීමට ලක්ව අපහසුතාවට පත් වන බවට නිරීක්ෂණය වී ඇත. එබැවින්, සුවපහසු ලෙස ගමන් කිරීමට මඟින්ට හැකි වන පරිදි යෝග්‍ය බස්රථ ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමේදී සලකා බැලිය යුතු පිරිවිතරයන් හා නිර්ණායක සකස් කිරීම සඳහා පත් කරනු ලැබ ඇති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු අදාළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් තවදුරටත් පරීක්ෂා කර බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා
* කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා
* අධ්‍යාපන අමාත්‍යතුමා