• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීම
- තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගයේ බැදිගම ප්‍රදේශයේ අන්තර් හුවමාරුවක් ඉදිකිරීම මඟින් අධිවේගී මාර්ගය භාවිත කරන්නන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත නව අන්තර් හුවමාරුව ඉදිකිරීම සඳහාත්, ඒ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය II කොටසෙහි ඉදි කිරීමේ ඉතිරි වීම් භාවිත කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.