• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම - 2021
- රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දැරිදැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ ගිහි සිසුනට නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 1993 වර්ෂයේ සිට අඛණ්ඩව සිදු කර ඇත. මෙම වැඩසටහන යටතේ 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි ලබා දීම වෙනුවට තිළිණපත් ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.
දැනට රටේ පවතින කොවිඩ් - 19 (COVID - 19) වසංගත තත්ත්වය හේතුවෙන් අපනයන ආදායම් අඩු වීමත්, පාසල් නිල ඇඳුම් සඳහා රෙදිපිළි ආනයනය කිරීමේදී දැරීමට සිදු වන ඉහළ විදේශ විනිමය ප්‍රමාණයත් සැලකිල්ලට ගෙන දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් දිරි ගන්වමින් පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි දේශීයව නිෂ්පාදනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව ඉදිරියේදී පාසල් නිල ඇඳුම් ලබා දීමේදී තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමටත්, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි සපයා ගැනීම පිණිසත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.