• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට නිල නිවාස තුනක් (03) මිල දී ගැනීම
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා සහ මණ්ඩල සඳහා වාර්ෂිකව විභාග 350කට අධික ප්‍රමාණයක් පවත්වනු ලබන අතර, ඒ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ට මධ්‍යම රාත්‍රිය දක්වා සේවයේ යෙදීමට සිදු වන බැවින්, ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට සේවයට පැමිණෙන නිලධා‍රින්ට දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එම තත්ත්වයට පිළියමක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පන්නිපිටිය වීර මාවතෙහි ඉදි‍ෙක‍ෙරමින් පවතින වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බද්ධ නිවාස 3ක් එම දෙපාර්තමේන්තුව වෙත මිලදී ගෙන නිලධාරින්ගේ නේවාසික පහසුකම් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.