• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරක්ෂා සිසු රක්ෂණාවරණය
- සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන යටතේ රක්ෂණාවරණය සපයන ලද අලියාන්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සමඟ පවතින ගිවිසුම 2020 මැයි 31 දිනෙන් අවසන් වී ඇත. මෙම රක්ෂණ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, සිසු රක්ෂාවරණය සඳහා රක්ෂණ සේවා සපයන ආයතනයක් තෝරාගැනීමේදී රජයේ රක්ෂණායතනයක් මඟින් අදාළ සේවාවන් සලසා ගැනීමටත්, ඒ අනුව රක්ෂණ ආයතනයක් තෝරාගනු ලබන තෙක් 2020-06-01 දින සිට 2020-09-30 දින දක්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් අදාළ රක්ෂණ සේවාවන් ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.