• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළක් ලෙස පවත්වා ගෙන යාම
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව 51%ක් හා ලිබියානු අරාබි විදේශ ආයෝජන සමාගම සතුව 49%ක් සහිතව පැවැති සීමාසහිත ලිබියානු කෘෂිකාර්මික සහ පශු සම්පත් (පෞද්ගලික) සමාගම (LANLIB) 1981 වර්ෂයේදී ආරම්භ කර ඇත. ලිබියානු අරාබි විදේශ ආයෝජන සමාගම සතුව පැවැති 49%ක් වූ කොටස් ප්‍රමාණය 2014 වර්ෂයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මිල දී ගෙන සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගම වශයෙන් මේ දක්වා පවත්වාගෙන යනු ලබයි. මේ වන විට එම සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති අතර එහි පරිපාලන හා කළමනාකාරිත්ව කටයුතු ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇත. එම තත්ත්වය යටතේ සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගම විසිරුවා හැර එම සමාගම යටතේ පවත්වාගෙන යන ලද මාවත්ත ගොවිපොළ හා එහි කාර්යමණ්ඩලය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.