• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර නිල්වළා එළිය සංවර්ධන ව්‍යාපෘතිය 2018-2020 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම
- 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති 'නිල්වළා එළිය' සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 1,800ක පමණ භූමි භාගයක පැතිර ඇති කිරළ කැළේ නැමති කඩොලාන වනාන්තර ප්‍රදේශය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, එම ව්‍යාපෘතිය දැනට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ ව්‍යාපෘති ප්‍රදේශය ප්‍රධාන වශයෙන් වගුරුබිම්, වාරි ඇළ මාර්ග සහ කඩොලානවලින් සමන්විත වේ. එවැනි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සමීප අධීක්ෂණය අත්‍යවශ්‍ය බැවින් එම ව්‍යාපෘතිය මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය වෙත පවරා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී.