• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව දුරස්ථ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිණිස මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීම
- සමස්ත විශ්වවිද්‍යාල සංඛ්‍යාවෙන් 50%ක් පමණ එනම් සිසුන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් මහපොළ ශිෂ්‍යත්වය ලබා ගනී. එක් ශිෂ්‍යයෙකුට මාසිකව රුපියල් 5,000/-ක් බැගින් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 160ක මුදලක් මාසිකව වැය කරනු ලබයි. එම මුදලින් 51%ක් මහපොළ අරමුදලින්ද, ඉතිරි 49% මහා භාණ්ඩාගාරය විසින් ද දරනු ලබයි. විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින්, නේවාසිකාගාර ගාස්තු, දුරකතන ගාස්තු වැනි වියදම් දැරිය යුතුව ඇති බව සැලකිල්ලට ගෙන, යෝග්‍ය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව නියමිත පරිදි මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත අදාළ ගෙවීම් සිදු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.