• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට මාසික ජීවනාධාර ලබා දීමේ වැඩසටහන
- වකුගඩු රෝග ව්‍යාප්තියේ අවදානම සහිත දිස්ත්‍රික්ක 11ක (අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර, වවුනියාව, කුරුණෑගල, මුලතිව්, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 82ක අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට මාසිකව රුපියල් 5,000/- බැගින් ජීවනාධාරයක් ලබා දීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වේ. ඒ යටතේ මේ වන විට අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් 25,320 කට එකී ආධාර මුදල මාසිකව ගෙවනු ලබයි. එකී දීමනාව ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනගතව සිටින තවත් අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් 13,849 දෙනෙකුටද එම දීමනාව ගෙවීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.