• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 ජුනි මස 12 වන දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 වන පරිදි අදාළ කම්කරු නීති සංශෝධනය කිරීම
- 2020 ජුනි මස 12 වන දිනට යෙදෙන 'ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය'ට සමගාමීව හා 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි 'නැණ බල සහිත ළමා පරපුරක්' යන ශීර්ෂය යටතේ සඳහන් වන පරිදි රටේ සියලුම දරුවන්ට ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව හිමි විය යුතු වරප්‍රසාදවලට හා අයිතිවාසිකම්වලට ඇති හිමිකම තහවුරු කිරීම සඳහා අනිවාර්ය පාසල් අධ්‍යාපන වයසට අනුකූල වන අයුරින් සේවකයන් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් පහත සඳහන් කම්කරු අණපනත් සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

1. 1954 අංක 19 දරන (129 අධිකාරය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත;
2. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත;
3. (135 අධිකාරය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත;
4. 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනත;
5. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958.10.31 දිනැතිව රජයේ අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියෝග.