• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාරගත රැඳවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිත කිරීම
- රට පුරා බන්ධනාගාර 23ක 15,000ක් පමණ වන රිමාන්ඩ් රැඳවියන් රඳවා සිටී. සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් 5,400ක් පමණ දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතුය. දැනට රට තුළ පවතින තත්ත්වය මෙන්ම පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදී රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටියදී බස් රථවලට සිදු කළ ප්‍රහාර හේතුවෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරින් ජීවිතක්ෂයට පත්වීම සැලකිල්ලට ගෙන, බන්ධනාගාරය තුළ සිටියදීම ඔවුන්ගේ ඇප අයදුම්පත් වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිත කරමින් උසාවියේදී සලකා බැලීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක සහ බන්ධනාගාර 04ක ස්ථාන 12ක යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.