• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට කුලී පදනම මත නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය
- දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට නවාතැන් ගැනීමට හැකි වන පරිදි කුලී පදනම මත නිවාස ලබා දීම සඳහා වර්ග ප්‍රමාණය උපරිම වශයෙන් වර්ග අඩි 350ක් වන 'ස්ටුඩියෝ වර්ගයේ' නිවාස ඉදිකිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, ප්‍රධාන මහාමාර්ගයන් හා දුම්රිය මාර්ගයන් මඟින් සේවා සපයනු ලබන ප්‍රධාන නගර මධ්‍යස්ථානයන්හි සිට කිලෝ මීටර 3 - 5ක් ඇතුළත එවැනි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.