• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ජීව ගණක (Actuarial Expert) ප්‍රවීණතාවය සඳහා උපදේශන සේවා සැපයීම
- ලෝක බැංකු අරමුදල් යටතේ 'ශ්‍රී ලංකා මූල්‍ය අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ එක් හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කරයි. ව්‍යාපෘතිය යටතේ රක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනය/ නව්‍යකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9කට ආසන්න මුදලක් වෙන් කර ඇත. එකී ව්‍යාපෘති සංරචකය ක්‍රියාත්මක කිරීම පිණිස උපදේශකවරුන් 5 දෙනෙකු බඳවාගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති අතර ඒ යටතේ ජීව ගණක ප්‍රවීණතා (Actuarial Expert) උපදේශක සේවාව ලබාගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වසර 02ක කාලයක් සඳහා නෙදර්ලන්තයේ ටෙයුස් මෞරික් මහතා වෙත බදු ඇතුළත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක් ගෙවීමට යටත්ව, එකී උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.