• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මීතොටමුල්ල කසළ කන්ද 2017-04-14 දින නාය යාමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීම
- කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මීතොටමුල්ල කසළ කන්ද 2017-04 14 දින නායයෑමෙන් හානි වූ වාහන 36ක හානිය තක්සේරු කිරීම සඳහා කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව සුදුසුකම් ලබන වාහන හිමිකරුවන් සඳහා වන්දි ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.