• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 (අප්‍රේල්)
- මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) සඳහා 2020 අප්‍රේල් මාසය තුළ ආනයනය කළ යුතු රසායනික පොහොර තොග ආනයනය කිරීම පිණිස වූ ප්‍රසම්පාදනයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් ආයතන වෙත පිරිනැමීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.
* සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 27,400 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 270.74කට වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
* සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 2,040 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 288.30කට ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් වෙත.
* සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 263.00කට ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.