• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය - පැකේජ 7 ලොට් A2 : බියගම ග්‍රිඩ් උපපොළෙහි ස්ථිතික Var පද්ධතියක් (±100 MVar) ස්ථාපනය කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ආයෝජන වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදලක් ලබා දී ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ බියගම ග්‍රිඩ් උපපොළෙහි ±100 MVar ස්ථිතික Var පද්ධතියක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Hyosung Heavy Industries Corporation වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.