• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම
- කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබා දී ඇති අතර, එම අරමුදල්වලින් කොටසක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය මිල දී ගැනීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි JV of Ms/ Dialog Axiata PLC and Ms/ Dialog Broadband Network (Pvt.) Ltd., වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.