• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු වාලච්චේන කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු විවිධාංගීකරණ ව්‍යාපෘතියක් වශයෙන් නැවත ආරම්භ කිරීම
- විභවතාවක් ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන් රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, වාලච්චේන කඩදාසි කම්හල විවිධාංගීකරණ ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රතිව්‍යූහගතකරණය කර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු දැනට සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, කර්මාන්තශාලා පරිශ්‍රය තුළ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම, කර්මාන්තශාලාවේ කටයුතු සඳහා ජලය සපයා ගැනීමෙන් පසුව අතිරික්ත ජලය පිරිසිදු කර ඉන් කොටසක් යොදා ගෙන පානීය ජල බෝතල් සකස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම, වාලච්චේන කම්හල පිහිටි භූමි ප්‍රමාණයෙන් හිස්ව පවතින ඉඩම්වලින් අක්කර 100ක සුදුසු ඉඩම් ප්‍රමාණයක් තෝරා ගෙන එකී භූමිය තුළ එම ප්‍රදේශයට සුදුසු බෝග වගා කිරීම සහ වැඩබිමක් හා නිවාඩු නිකේතනයක් ආරම්භ කිරීම යන උප ව්‍යාපෘති සහිතව යෝජිත විවිධාංගීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව ලබා දෙන ලදී.