• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂය සඳහා නොමිලයේ බෙදා හරිනු ලබන පාසල් පෙළපොත් මුද්‍රණයෙන් 45%ක කොටසක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීම
- 2018 වර්ෂයේදී සහ 2019 වර්ෂයේදී පාසල් පෙළපොත්වලින් කොටසක් මුද්‍රණය කිරීම ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව සෘජුවම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පවරා ඇත. ඒ අනුව, එම සංස්ථාවේ ධාරිතාව හා අතීත කාර්යසාධනය සැලකිල්ලට ගෙන, 2021 වර්ෂය සඳහා අවශ්‍ය මුළු පාසල් පෙළපොත් ප්‍රමාණයෙන් කොටසක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව විවෘත ටෙන්ඩර් පරිපාටියෙන් පරිබාහිරව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව‍ වෙත ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.